ගංජා සමග පොලිස් පරීක්ෂක හා සහයකට මාංචු

පෙබ 13, 2019

    නොච්චියාගම, හල්මිල්ලකුලම වැව්බැම්ම මත නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී ගංජා කිලොග්‍රෑම් 05ක් සොයාගැනීමට පොලීසිය සමත් විය.

    සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඒ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු හා වරාය බණ්ඩාරනායක ජැටියේ සේවය කරන කාර්යාල සහායකවරයෙකු වන බව අප වාර්තාකරු පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40-30 යන වයස්වල පසුවන්නන්. ඔවුන් මීරිගම හා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Cannabis

     

    Latest News