මන්ත්‍රී චමින්දට ඇප - update

පෙබ 13, 2019

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂ 5ක බැගින් ශරීර ඇප 2ක් හා රුපියල් 10,000ක මුදල් ඇපයක් මත නිදහස් කර තිබේ.

    සෑම ඉරු දිනකට බණ්ඩාරවෙල පොලීසියේ පෙනී සිටින ලෙස ද බණ්ඩාරවෙල අධිකරණය නියෝග කළා.  නඩුව යළි 25 වැනි දින කැඳවීමට නියමිතයි. බණඩාරවෙල ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බවට චෝදනා ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල අධිකරණය ඉදිරිපත් වී තිබේ.

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 16:52

    Latest News