අලි රොෂාන්;මූලික විරෝධතා 21කට

පෙබ 13, 2019

    සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් (අලි රොෂාන්) ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට  එරෙහිව ගොනුකර තිබූ නඩුවේ චෝදනා පත්‍රය අද කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවන ලදී.

    සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය. අනතුරුව නඩුවට අදාළ චෝදනා පත්‍රය විත්තිකරුවන්ට  විවෘත අධිකරණය හමුවේ කියවන ලදී. අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුව විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර තිබුණ. මෙම මූලික විරෝධතාව පිළිගෙන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද එම නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙම මූලික විරෝධතාව පිළිබඳව ලබන 21 වනදා  කරුණු දක්වන ලෙස අධිකරණය රජයේ නීතිඥවරයාට නියම කළේය.
    බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් හතරදෙනකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තුළින් වනසත්ව හා වෘක්ශලතා ආඥාපනත මෙන්ම පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අලි  රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා 24 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.
    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 12:24

    Latest News