වතුකම්කරුවන්ට අය වැයෙන් දීමනාවක්

පෙබ 13, 2019

    වතු කම්කරුවෙකුට නව අවබෝධතා ගිවිසුම අනූව දිනකට  ගෙවීමට නියමිත රු.750 වැටුපට අමතරව මෙවර අයවැය මගින් නව දිමනාවක් ලබා දීමට එකඟතාවක් ඇතිකරගත් බව,  අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටියි.

     

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර, දමිල ප්‍රගිතශිලි සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ඊයේ (12)  පස්වරුවේ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධණ අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පැවැත්විණ.   

    අයවැයෙන් වතුකම්කරුවන්ට ලබාදීමට නියමිත දිමනාව හිඟ වැටුප සමග ලැබෙන බවත් එම වැටුප ලබා ගැනිමට දමිල ප්‍රගිතශිලි සන්ධානය රජය සමග සාකච්ඡා පවත්වා ලැබු විශාල ජයග්‍රහනයක් බවත්, වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර අත්සන් කෙරුණු නව අවබෝධතා ගිවිසුම අධිකරණය හමුවේ අභියෝගයට ගත් කිරිමට නොහැකි බවත් අමාත්‍යවරයා පවසයි.

    නව අවබෝධතා ගිවිසුම සහ රජය මගින් අයැවැයෙන් ලබා දිමට නියමිත දිමනාව සමග වතු කම්රුවෙකුට දිනකට රු.800  ඉහල වැටුපක් ලබා දිමට නියමිතයි.

    වතු කම්කරුවන්ගේ  වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දමිල ප්‍රගතශිලි සන්ධානය රජය සමග පැවැත් වූ සාකච්ඡාවලින් සාර්ථක ග්‍රගතියක් ලැබි ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 15:54

    Latest News