මෙරට කොරෝනා මරණ 5700 ඉක්මවයි

අගෝ 14, 2021

    ගතවූ දිනය තුල කොවිඩ් මරණ 155ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    එම මරණත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ අතර කාන්තාවන් 70 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 85 දෙනෙකුද සිටී.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60ට හෝ ඊට වැඩි 111 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව ද සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සඳහන්. 

    Latest News