බදුල්ලෙන් වැඩිවන හෘද රෝගී මරණ

සැප් 20, 2023

    බදුල්ල මහ රෝහලේ පසුගිය වසරේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, රෝගීන් 770 දෙනෙකු මියගොස් ඇත්තේ, හෘදයාබාධවලින් බව අනාවරණය වී තිබෙනවා.

    සිදු කර ඇති පශ්චාත් මරණ සංඛ්‍යාව 1887 ක්.

    බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ බදුල්ලේදී මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. බදුල්ල මහ රෝහලට විශාල අඩුවක්ව පවතින ''ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක්'' පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගැනීමට අදාළව ආරම්භ කර ඇති ''ඔ‍‍බේ හදවතට අපෙන් ජීවය'' පදනම පිළිබඳව දැනුවත් කිරීම ද මාධ්‍ය හමු‍වේ තවත් අරමුණක්. මෙහිදී එම කරුණු අනාවරණය කෙරුණා. පසුගිය වසරේ පමණක් බදුල්ල මහ රෝහලට හෘද රෝගීන් 2179 දෙනෙකු ඇතුළත් වී ඇති අතර, ඉන් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ කර ඇත්තේ රෝගීන් 750 දෙනෙකුට පමණක් බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. එම නිසා එම පරීක්ෂණ සඳහා අවශ්‍ය යන්ත්‍රය මිලදී ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහය ලබා දෙන ලෙසද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියා.

    Last modified on බදාදා, 20 සැප්තැම්බර් 2023 14:53

    Latest News