සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට

අගෝ 08, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් අද (08) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

    ඒ, චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්. එම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

    ඒ සමඟ මෙරටට හිමිවූ මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    Last modified on ඉරිදා, 08 අගෝස්තු 2021 09:50

    Latest News