ව්‍යාජ 500 නෝට්ටු 17 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

අගෝ 05, 2021

    රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.



    පුදුකුඩිඉරිප්පු සුගන්ධිපුරම් කොලනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

    මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.

    වයස අවුරුදු 41 ක් වන මෙම සැකකාරිය සුගන්ධිපුරම් උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

    ඇය පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

    Latest News