කොහුවල තරුණියන් ළඟ තිබී හොර නෝට්ටු 41ක් එළියට

මැයි 30, 2019

    ව්‍යාජ රුපියල් 500/- නෝට්ටු 41ක් ළග තබාගත් කාන්තාවන් දෙදෙනෙකු කොහුවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්, අත්අඩංගුවට ගැනුණේ කොහුවල පිහිටි පුද්ගලික ආයතනයකදීයි. අවුරුදු 19 හා 20 පමණ වයස්වල පසුවන සැකකාරියන්, කොළඹ 10, සංඝරාජ මාවතේ පදිංචිකරුවන්. කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News