අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබා දීම ස්ථාන 5කදී

අගෝ 05, 2021

    සයිනොෆාම් එන්නෙත් පළමු මාත්‍රාව මේ දක්වා ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා.

    එන්නත් ලබා දීම ස්ථාන පහක දී සිදු කෙරෙනවා. කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, අයි ඩී එච් රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ විහාර මහා දේවි උද්‍යානය යන ස්ථානවලදී එන්නත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් බස්නාහිර පළාතේ පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම පළමුවැනිදා සිට ආරම්භ කෙරුණා. මේ දක්වා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 421,654ක්. බස්නාහිර පළාත තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම හෙට අවසන් වන බව වාර්තා වෙනවා.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන ය‍ටතේ ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 13,262,725ක් ලබා දී තිබේ. ඇස්ට්‍රාසෙනෙකා එන්න‍තේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 30,499 දෙනෙක්. එහි දෙවන මාත්‍රාව 50,893කට ලබා දී තිබේ.

    Latest News