පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන භාවිතයට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කෙරේ

පෙබ 05, 2022

    පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ලබන අප්‍රේල් මස 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

    ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථාන යන්නෙන්, ගෙවීමක් සිදුකර හෝ ගෙවීමක් සිදුනොකර, ආරාධනයක් මත හෝ ආරාධනයක් නොමැතිව ජනතාවට ප්‍රවේශය සහිත යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනයේදී භාවිත කරනු ලබන ප්‍රවාහන ක්‍රමයක් අදහස් කෙරෙයි.  

    මේ වන විටත් කිසිඳු එන්නතක් ලබා නොගත් සහ තවමත් බූස්ටර් එන්නතට යොමු නොවූවන්ට මෙම නිවේදනය මූලිකව වන අතර පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණහොත් ජනතාව ගැවසෙන කිසිඳු පොදු ස්ථානවෙත ගමන් කිරීමේ නිදහස සහ අයිතිය අක්‍රීය වනු ඇති.

     

    image 3943ce6898

    image 7f8207786d

     

    Last modified on සෙනසුරාදා, 05 පෙබරවාරි 2022 11:46

    Latest News