උද්ඝෝෂණවල දී අත්අඩංගුවට පත් පිරිස අද අධිකරණයට

අගෝ 05, 2021

    නිරෝධායන නීති කඩකරමින් ඊයේ සිදු කෙරුණු උද්ඝෝෂණයට අදාළව අත්අඩංගුවට පත් පුද්ගලයන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

    කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට පත් වුනා.

    පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බවය.

    වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවී සිටියහ.

    Latest News