මෙරට දිනක් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ

ජූලි 27, 2021

    කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ මෙරට සිදුකරන ලද වැඩිම එන්නත්කරණ කටයුතු ඊයේ දිනයේ දී සිදුකර තිබේ. ඒ අනූව ඊයේ (26) දිනයේ දී එන්නත් මාත්‍රා 437,878ක් ජනතාවට ලබා දී ඇත.

    සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 356,628 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 55,722 දෙනෙකුටත් ලබාදී තිබේ.
    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 108 දෙනෙකුට සහ මොර්ඩනා එන්නතේ පළමු මත්‍රාව පුද්ගලයින් 25,420 දෙනෙකුටත් ලබාදී ඇත.

    මේ අතර, මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,311,127 දෙනෙකුටත් 'ස්පුට්නික් V' එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 173,584 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 114,075 දෙනෙකුටත්, මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව 696,003 දෙනෙකුටත් ලබාදී තිබේ.

    එමෙන්ම මේ දක්වා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව 7,427,542කුට ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 27 ජූලි 2021 11:35

    Latest News