තවත් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ජූලි 27, 2021

    චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් රැගත් ගුවන්යානය අද (27) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

    මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය චීන රජය එක් වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය වේ.

    එමෙන්ම මෙම එන්නත් තොගය සමග චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27කි. 

    Latest News