අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

පෙබ 11, 2019

    ඊයේ(10) ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු, වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද(11) අත්අඩංගුවට ගෙන ඇත.

    බත්තරමුල්ල ප්‍රදේශයේදී සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඔහු සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 40 සහ මිලිග්‍රෑම් 600ක් සොයා ගෙන ඇත.

    අංගොඩ ලොක්කා නොහොත් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නැමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා මිනීමැරීම්වලට සම්බන්ධව මෙරට පොලීසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වේ. 2017 වසරේ බන්ධනාගාර බස්රථයකට වෙඩිතබා සමයං නැමැති පතාල නායකයා සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා සම්බන්ධ බවට සැක කෙරේ.

    Latest News