දිස්ත්‍රික්ක 5 ප්‍රදේශවල හුදෙකලා බව ඉවතට

ජූලි 26, 2021

    දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.


    කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්ද වත්ත 03 වන කොටස, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණ කොලනිය ග්‍රාම නිලධාරී වසමේ දිවිතුරුවත්ත අද උදෑසන හයේ සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබේ. එමෙන්ම, මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරු පොලිස් බල ප්‍රදේශයේ චෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටස, මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ හිඳිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කලවත්ත ගම්මානය සහ මිල්ලකැලේවත්ත ගම්මානයද හුදෙකලාභාවයෙන් නිදහස් කර ඇත.

    278008_1.jpg

     

    Latest News