ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ

ජූලි 13, 2021

    දීප ව්‍යාප්ත මට්ටමින් ඊයේ(12) ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බව,අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඊයේ දහවල් 12.00 වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට (කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කලුතර 82%) ඌව පලාත 60%ක් (බදුල්ල 90%ක්) උතුරු පළාත 47%ක් (මුලතිවු 67%ක්, යාපනය 64%ක්, ‍කිලිනොච්චි 64%ක්) ද වශයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත.

    ඊයේ දිනයේම එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණු පළාත් වන මධ්‍යම, නැගෙනහිර, දකුණ, වයඹ, සහ උතුරුමැද පිළිවෙළින් 18%ක්, 17%ක්, 15%ක්, 15%ක් හා 9%ක් සම්පූර්ණ කර තිබෙන බවත් දින 10ක් ඇතුළත සමස්ත දිවයිනේම පාසල් ගුරුවරුන් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අද (13) කොළඹ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

    Latest News