5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

ඔක් 13, 2022

    පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2021හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (12) නිකුත් වූ අතර, සිසුන් 769කගේ ප්‍රතිඵල මෙවර වෙනස් වී තිබේ.

    නැවත සමීක්ෂණය සඳහා සිංහල මාධ්‍ය යටතේ අයදුම්පත්‍ර 20079ක්ද, දෙමළ මාධ්‍ය යටතේ අයදුම්පත්‍ර 3,884ක්ද ලැබී තිබූ බවත්, එයින් සිංහල මාධ්‍ය සිසුන් 557කගේ සහ දෙමළ මාධ්‍ය සිසුන් 212කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

    මේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් පරීක්ෂා කළ හැකිය.

    Latest News