ශිෂ්‍යත්වයට හා උසස් පෙළට දින නියම කෙරේ

සැප් 05, 2022

    2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන් පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබේ.

    එම විභාගයන් දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙනු ඇති බවයි,කොමසාරිස් ජෙනරාල් කේ.ඩී.ධර්මසේන පැවසුවේ.

    ඒ අනූව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස (04) වැනි දින සහ උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දිනට ආරම්භ වීමට නියමිතයි.

    දෙසැම්බර් (05) ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 ජනවාරි මුල් සතිය තෙක් පැවැත්වෙන බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

    Latest News