ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙයි.

විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මහකන්නය සඳහා කාබනික පොහොර බෙදා හැරිම අද (13) සිට ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

වී වගාව හැර අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර තොග ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළයුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බවද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද රජය දන්වා සිටී.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය වැඩසටහන් පිළිබඳව රජයේ පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (12) කොළඹදී පැවැත්විණ.

Latest News