දිනක් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ

ජූලි 13, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබාදී තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඊයේ එන්නත් මාත්‍රා දෙලක්ෂ 32,526ක් ලබාදුන් බවයි.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිසට එක් ලක්ෂ 73,988ක් ඇතුළත්. එහි දෙවැනි මාත්‍රාව ඊයේ 40,276 දෙනෙකුට ලබාදී තිබේ. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 13,357 දෙනෙකුට ලබාදී ඇති අතර ෆයිසර් එන්නත ඊයේ ලබාගෙන ඇති පිරිස 4,725 දෙනෙක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 180 දෙනෙකුට ලබා දී ඇත.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා පනස් හත් ලක්ෂ 20,328ක් ලබා දී තිබේ. ඉකුත් දින 7 තුළ ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව දහතුන් ලක්ෂ 8,855ක්. ඊයේ එන්නත් මාත්‍රා දෙලක්ෂ 32,526ක් ලබාදී ඇති අතර එය මේ දක්වා දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවයි.

    Latest News