ජල සම්පාදන හා ජලාපවහන පනත සංශෝධනයට කමිටුවක් පත්කිරීමට අනුමැතිය

ජූලි 13, 2021

    වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ජාතික ජල සම්පාදන හා ජලාපවහන පනත සංශෝධනයට කමිටුවක් පත්කිරීම සඳහා ඉදිරිපත් කෙරුනු යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    රටේ සමස්ත පානීය ජල ආවරණය සියයට 93.8ක් වන අතර ඉන් සියයට 43.8ක් සපයනු ලබන්නේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දායකත්වයෙන්.

    වේගවත් නාගරීකරණය,කාලගුණ වෙනස්වීම්,ඉල්ලුම අධිකවීම හා ජල ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ ක්‍රියාවලියට මුහුණදීම සඳහා සංශෝධනය සිදු කිරීමට අපේක්ෂිතයි.

    Latest News