කටුගස්තොට පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් මාර්ගයේ කොටසක් වැසේ

ජූලි 13, 2021

    කටුගස්තොට - කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් තාවකාලිකව වැළකී සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි. එම මාර්ගය ආශ්‍රිත ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්ව තිබීම ඊට හේතුවයි.

    ඊයේ සවස මෙලෙස හදිසි ගිලා බැසීමකට ලක්ව ඇත්තේ කුරුණෑගල නුවර මාර්ගයේ කටුගස්තොට මංසන්ධියට කිලෝමීටර් 2ක් දුරින් ඉදි කෙරෙමින් පවතින පස්මහල් වාණිජ ගොඩනැගිල්ලක්.
    ගොඩනැගිල්ල ගිලා බැසීම හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. අදාළ ස්ථානය යථා තත්වයට පත් කරන තෙක් නැවත දැනුම් දෙන තුරු කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් වැළකී සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 13 ජූලි 2021 11:38

    Latest News