ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්..රත්නපුරයට සුළු ගංවතුර

ජූලි 10, 2021

    අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

    මේ අතර, අධික වැසි සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර තිබේ.

    කළුතර, කෑගල්ල, නුවරඑළිය,ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් ක‍ළේ,අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 10ක් සඳහා පළමු අදියරේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි.

    Latest News