වතුකරයේ ගැබිණි මව්වරුන්ටත් සයිනොෆාම් එන්නත

ජූලි 07, 2021

    වතුකරයේ ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම හැටන්,කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් (07) දින ආරම්භ කරනු ලැබීය.

    මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (06) දින රාත්‍රියේ සිට නතර කර අද දින සිය රාජකාරි කටයුතු සදහා වාර්තා කරනු ලැබීය.

    ඒ අනූව කොටගල,හැරිංටන්, කුඩාඔය,ඩ්‍රෙටන්,රොසිටා යන ප්‍රදේශවල අද සායනට පැමිණි ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නේය.

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සායන වලට පැමිණෙන ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන බවයි, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.

    01 1 4

    01 5 7

    01 3 5

    Last modified on බදාදා, 07 ජූලි 2021 11:21

    Latest News