දිලිප් කුමාර් මහතා අභාවප්‍රාප්ත වෙයි

ජූලි 07, 2021

    ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ සහ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන දිලිප් කුමාර් මහතා අද අභාවප්‍රාප්ත විය. ඒ මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 98ක්.

    ඉකුත් ජුනි 30 වැනිදා දිලිප් කුමාර් මහතා රෝහල් ගත කෙරුණේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන්. පසුගිය මාස කිහිපය පුරා ඔහු නිරන්තරයෙන් රෝගාබාධවලට ලක් වූ බව වාර්තා වෙයි. සිනමාවට අවතීර්ණ වීමෙන් අනතුරුව දිලිප් කුමාර් නමින් ප්‍රසිද්ධ වූ මොහුගේ මුල් නම වූයේ යූසුෆ් ඛාන්ය.

    දශක 5කට ආසන්න කාලයක් ඉන්දීය සිනමා පට 65කට අධික ප්‍රමාණයකට ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

    ඉන්දියාවේ වන්දනීය කලාකරුවෙකු ලෙසයි දිලිප් කුමාර් සැලකෙන්නේ. ඔහුගේ බිරිඳ වන්නේ ඉන්දීය සිනමා නිළි සයිරා බානුයි.

    Last modified on බදාදා, 07 ජූලි 2021 11:23

    Latest News