චීන - ශ්‍රී ලංකා සබඳතාවය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරයට සමරු කාසියක්

ජූලි 06, 2021

    ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වනසංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කෙරිණ.

    කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ. එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත. කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව - චීනය වසර 65යි”යනුවෙන් සටහන් කර ඇත.

    කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වේ.

    රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

     BOT6403

     BOT6406

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 19:42

    Latest News