Pfizer එන්නත ප්‍රථම වරට දිවයිනට

ජූලි 05, 2021

    අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත pfizer එන්නත් මාත්‍රා 26910 ක් අද(05) උදැසන දිවයිනට පැමිණියා.

    අද පෙ.ව. 2.10ට පමණ කටුණායක ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව එන්නත් තොගය උදෑසන 3.30ට නාරාහෙන්පිට ජාතික රුධිර පාරවියලන මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබුවා. පසුව රාජ්‍ය ඖෂධ නීතිගත සන්ස්ථාව විසින් රෝහලේ ගබඩාව එන්නත් භාරදීම සිදු කළා.

    මේ පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා...
    “මෙම එන්නට ගෙන්වීම සම්බන්ධයෙන් ජනවාරී මාසයේ සිට සාකච්ඡා පැවැත්වූවා දැනට පළමු එන්නත ලබාදී ඇති ඇස්ට්‍රාසනකා එන්නත වෙනුවට මෙය ලබා දීමේ හැකියාව තිබෙනවාග මේ මාසය තුල තවත් එන්නත් ලක්ෂ දෙකක් පැමිණීමට නියමිතයි...”

    මේ පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා...
    “දකුණු ආසියාවේ ප්‍රථම වරට තමයි රටක් ලෙස අපිට මෙම එන්නත ලැබෙන්නේ pfizer එන්නත මිලියන 5ක් දෙවන ට ලබා ගැනීමට මූලික සාකච්ඡා ආරම්භ කොට තිබෙන්නේ...”

     

    Latest News