ත්‍රිවිද හමුදාවේ රෝහල්වලින් අද(05) සිට කොවිඩ් එන්නත

ජූලි 05, 2021

    බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද ආරම්භ වනවා.

    නාරාහේන්පිට යුද හමුදා රෝහල, වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ, පනාගොඩ යුද හමුදා කඳුවුරේ, ගුවන්පුර ගුවන් හමුදා පරිශ්‍රය, සහ වැලිසර නාවික හමුදා කඳුවුරේදී මෙම එන්නත්කරණ කටයුතු සිදු කෙරෙණ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

    එම ස්ථානවලදී බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට කොරෝනා මර්දන එන්නත ලබා ගත හැකියි.

    මේ අතර බස්නාහිර හැර සෙසු පළාත්වල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත ලබා දීමද ත්‍රිවිද හමුදා කඳුවරු ආශ්‍රිතව හෙට සිදු කෙරෙනවා. නිලවලා මාතර කඳුවුර, අනුරාධපුර වික්ටරී රෝහල, යාපනය, මුලතිව් සහ කිලිනොච්චි යන යුද හමුදා රෝහල්වලදී එම එන්නත්කරන කටයුතු සිදු කෙරෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා එන්නත් ලබා දීම සිදු කෙරෙන අතර ඒ සඳහා අනන්‍යතාවය තහවුරු කරගැනීමේ ලියවිල්ලක් රැගෙන පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News