විදේශ මුදල් මෙරටින් පිටවීම සීමාකරමින් විශේෂ ගැසට් නිවේදනයක්

ජූලි 02, 2021

    විදේශ මුදල් මෙරටින් පිටවීම සීමා කිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැවරී ඇති බලතල අනූව නිකුත් කෙරුණු නියමය අද සිට මාස 6කට වලංගු බව ගැසට් නිවේදනයේ සඳහන්.

    මේ අනූව, ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින් විගමණිකයෙකු, මුදල් ත්‍යාග ලෙස ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබේ. විගමණිකයින්ගේ අරමුදල් ආපසු සිය රට යැවීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ එා හා සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති අතර, සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියනු ලබන විගමණිකයන් සඳහා සිය රටට යැවිය හැකි මුදල අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඊට සමාන මුදලකට යටත් බවයි, එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

    ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික සහ වෙනත් රටක තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේශන හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000කට සමාන උපරිමයක් දක්වා සීමා කෙරිණ.

    තවද වෙනත් රටක තාවකාලික නේවාසික වීසා යටතේ ශ්‍රී ලංකාව හැර යාමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් නිකුත් කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 10,000කට සමාන උපරිමයක් බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

    විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෑහීමකට පත්වන ගෙවීම් හැර ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් විදේශයන්හි ආයෝජන සඳහා කරනු ලබන ගෙවීම් අත්හිටුවන බවද ගැසට් නිවේදනයේ සඳහන්.

    2c1ccb82 2234 49 s page 001

    0382e44a 2234 49 s page 002

    Latest News