ලංකාව ඇතුළු රටවල් 14කට එක්සත් අරාබියෙන් ගමන් තහනමක්

ජූලි 02, 2021

    කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක සංචාරය කිරීම තාවකාලිකව තහනම් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලබන 21 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි.

    ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණෙන ගුවන් ගමන් ද ලබන 21 වැනි දා දක්වා අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත.

    ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන්, එරට බලධාරින් මෙම ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  

    Latest News