නිරෝධායන නීති කැඩූ 325ක්

ජූලි 02, 2021

    නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 325 දෙනකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ සහ මහනුවර ප්‍රදේශවලින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පිරිස 125කි.

    ගම්පොල ප්‍රදේශයෙන් 64 සහ මහනුවර ප්‍රදේශයෙන් 61 වශයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

    නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 46260 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News