නිරෝධායන නීති කැඩූ තවත් 1083ක්

සැප් 05, 2021

    ගතවූ පැය 24ක කාලය තුල (2021.09.04 උදෑසන 6.00 සිට 2021.09.05 උදෑසන 6.00 දක්වා) නිරෝධායන නීති උල්ලංඝණය කිරීමට සම්බන්ධව පුද්ගලයින් 1083ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 191ක්.

    නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලිය්න සංඛ්‍යාව 66,730ක්.

    බස්නාහිර පළාත තුලට වෙනත් පළාත්වලින් ඇතුළුවන ස්ථානවල ස්ථාපිත මාර්ග බාධක මගින් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදුවන බවයි පොලීසිය පවසන්නේ.

    ඒ අනූව බස්නාහිර පලාත තුළ ස්ථාපිත මාර්ග බාධක සංඛ්‍යාව 13ක්.

    Latest News