නිරෝධායන නීති කැඩූ තවත් 667ක්

අගෝ 28, 2021

    නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුලදී පුද්ගලයින් 667 දෙනෙකු හා රථවාහන 63ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසයි.

    ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 60,288 ක්.

    මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන හා ඉන් පිටවන ස්ථානවල ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී පුද්ගලයින් 2,029 දෙනෙකු හා රථවාහන 1,141ක් ඊයේ දිනයේ දී පරීක්ෂාවට ලක් කෙරුණු බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News