එන්නත් මාත්‍රා 02ක ලබා ගෙන විදේශගතව සිට එන පිරිස් නිරෝධානයෙන් නිදහස්

ජූලි 08, 2021

    විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    ඒ අනුව නියමිත පරිදි එන්නත් ලබාගෙන දිවයිනට පැමිණෙන පුද්ගලයින් සිය ගුවන් යානයට ගොඩවීමට පැය 72කට පෙර සහ මෙරට පැමිණීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියෙන් සම්පුර්ණයෙන් නිදහස් කර තිබෙනවා.

    කෙසේ වුවත් ඉන් දින 07 කට පසුව ඔවුන් නැවත වරක් PCR පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වන වාර්තාව සිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දිය යුතු වනවා.

    අවුරුදු 18ත් 2ත් අතර අඩු ළමයින් සමග පැමිණෙන අවස්ථාවන්වල දී එම ළමුන් PCR පරීක්ෂනයක් සිදු කළ යුතුයි. වසය අවු 2ට අඩු දරුවන් PCR පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

    Latest News