මේ දක්වා එන්නත් මාත්‍රා 40 ලක්ෂ 36,580ක් ජනතාවට

ජූලි 02, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ එන්නත් මාත්‍රා එක් ලක්ෂ 69,957ක් මෙරට ජනතාවට ලබා දී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ එක් ලක්ෂ 65 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස 66,220ක්.
    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 3,672 දෙනෙක්ට ලබා දී තිබේ. මේ දක්වා ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 40 ලක්ෂ 36,580ක්. එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    මේ අතර, කොවිඩ් 19 රෝගය වැළඳුනු 1,883 දෙනෙක් ඊයේ මෙරටින් හඳුනාගැනිණ. පූර්ණ සුවය ලැබූ 1,888 දෙනෙක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය.

    Latest News