නිරෝධායන නීති කැඩූ තවත් 186ක්

අගෝ 21, 2021

    ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය කොට්ඨසාය සඳහන් කළේ, ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 55,842ක් වන බවයි. බස්නාහිර පළාත තුළ ස්ථාපිතකර ඇති මාර්ග බාධක 12ක දී බස්නාහිරින් පළාතෙන් පිටවු වාහන 735ක් හා පුද්ගලයින් 1,261ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

    එමෙන්ම තවත් වාහන 787ක් හා පුද්ගලයින් 1,437ක් බස්නාහිර පළාතට ඇතුළුවීමේ දී පරීක්ෂාවට ලක්කර ඇත.

    එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමික් ගමන් කිරීමට පැමිණි වාහන 191ක් හා පුද්ගලයින් 471ක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බවද පොලීසිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 09:33

    Latest News