ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ජූලි 02, 2021

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් ඇතුළුව ප්‍රදේශ රැසකට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවලට ද තරමක වැසි ඇති විය හැකියි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් දක්වා ඉහළ යා හැකි වේ.

    මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැයට කිලෝමීටර 55 ත් 60 ත් දක්වා වැඩි විය හැකියි.

    සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 50 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    Latest News