update-දුම්රිය වර්ජනය අවසන්

ජූනි 30, 2021

    update- දුම්රිය රියදුරු හා නියාමකවරු අද ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

    ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද (30) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කළ බවයි, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ.

     

    දුම්රිය වර්ජනයක් - (පෙ.ව 8.30)

    දුම්රිය රියදුරන් හා දුම්රිය නියාමකවරු අද (30) පෙරුවරුවේ සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

    අද පෙරවරු 8.00 සිට වෘත්තීය සමිති 34 ක සභාගීත්වයෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි, වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 30 ජූනි 2021 12:39

    Latest News