හික්කඩුව ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ජූනි 30, 2021

    හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (30) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව අද පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    ඒ අනූව අදාළ කාලය තුළ ගොනපිනුවල, කහව, දොඩන්දූව, හික්කඩුව සහ බද්දේගම නගරය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

    හදිසි ජල නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

    Latest News