අසේල සම්පත් CID අත්අඩංගුවට

ජූනි 26, 2021

    අසේල සම්පත් නැමැත්තා පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

    ඒ දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවයි.

    ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    Latest News