දුම්රිය සහ බස් අද ධාවනය කෙරෙන ආකාරය

ජූනි 21, 2021

    අද දින සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය 17 ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න සදහන් කරයි.

    ඒ අනූව අත්‍යවශ්‍ය සේවා රාජකාරි සදහා පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් පළාත් තුළ අද පෙරවරුවේ සිට දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබේ.

    පළාත් තුළ සේවා බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මාලාවට අනූව මගී ප්‍රවාහන බස්රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවෙන් 50% ක පමණ පිරිසක් පමණයි.

    Latest News