මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත රියදුරකු සහ සුළු සේවකයකු පිළිබඳව මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.
සොරකම් කර ඇතැයි පැවසෙන සයිනොෆාම් එන්නත් තොගය රුපියල් 90,000ක් පමණ වටිනා බව වෛද්‍යවරයා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයට නියෝග කර ඇත.
පසුගියදා ගාල්ල උණවටුණේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුවූ එන්නත් අවභාවිතාව සම්බන්ධයෙන් ද ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනයක් කරගෙන යයි.