අයහපත් කාලගුණයේ බලපෑමෙන් මරණ 18ක්

ජූනි 08, 2021

    අයහපත් කාලගුණයෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එක් අයෙකු අතුරුදන්ව පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 5 දෙනෙකු ද ගම්පහ,රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රිකවලින් පුද්ගලයින් තිදෙනෙකු බැගින් ද මියගොස් තිබේ.

    එමෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් හා කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ එක බැගින් වාර්තා වෙයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ,අයහපත් කාගලුණ තත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 87ක පවුල් 52,695ක පුද්ගලයින් දෙලක්ෂ 7,882 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

    Latest News