සුළු ගංවතුර තවදුරටත්;දෙලක්ෂයකට අධික පිරිසක් පීඩාවට

ජූනි 06, 2021

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් දෙලක්ෂ 19,027 දෙනෙකු අවතැන්ව සිටියි.

    අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතවද පවතිනනේ සුලු ගංවතුර තත්ත්වයක්. මහඔය සහ අත්තනගලු ඔය ජල මට්ටම ද අඩු වෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම 03.30 නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    කළු, කැළණි, ගිං, නිල්වලා, මහඔය සහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. නාවික හමුදාව ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් සිටියි.

    කැලණි ගඟ, නාගලගම් වීදියෙන් සහ හංවැල්ල ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව සුලු ගංවතුර තත්ත්වයක් පවතියි. කළු ගඟ පිටාර ගැලීම නිසා පුටුපාවුල, ඇල්ලගාව, මිල්ලකන්ද යන ප්‍රදේශවලද සුලු ගංවතුර තත්ත්වයක් පවතියි.

    ගිං ගඟ බද්දෙගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා බද්දෙගම ප්‍රදේශයට සුලු ගංවතුර තත්ත්වයක් පවතියි.

    නිල්වලා ගගේ ජල මට්ටම අඩු වෙමින් ඇති අතර මහඔය බඩල්ගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුලු ගංවතුර තත්ත්වයන් මතුව තිබේ.

    ප්‍රධාන ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශයට හෝ පහළ ධාරා ප්‍රදේශවලට ඊයේ දිනයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා පවතින ගංවතුර තත්තවය තවදුරටත් වර්ධනයක් අපේක්ෂා නොකරන බවයි,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ හා ආපදා කලමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීෂ්වර මහතා පවසන්නේ.

    Latest News