එංගලන්තය සහ වේල්ස් හි ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් සිදු විය හැකි බවට බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා ඒකකය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා.
ජලගැලීම් පහව යාමත් සමග ආපදාවන්ට ලක්වූ නිවාස පවිත්රෝ කර ගැනීම සඳහා එක් නිවසකට රුපියල් දසදහස බැගින් පිරිනමන බව ආරක්ෂක රාජ්යී අමාත්යක ප්රදමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 17 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා.

ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවයි.

එසේම මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බව එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින් පවතින බව එහි දැක්වෙයි.

එසේම අත්තනගලු ඔය තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පැවතිය ද එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 3.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ කැලණි, කළු, ගිං, නිල්වලා, මහඔය. අත්තනගලු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයේ නවතම නිවේදනය පහතින්.

6

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්වය නිසා හදිසි සේවා මෙහෙයුම් කඩිනම් කිරීමට ප්‍රාන්ත බලධාරින් පියවර ගෙන තිබෙනවා.

මහඔය ද්‍රෝනියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මේවන විට මාතර දිස්ත්‍රික්කයට නැවත තද වැසි ඇද හැලෙමින් පවති.

Latest News