ජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා අති විශේෂ ගැසට් නිවේදනයක්

ජූනි 03, 2021

    අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපතිවරයා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේයි.

    අදාළ එම ගැසට් නිවේදනයට අනුව, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

    සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නාව වූ හෝ අවශ්‍ය වන්නා වූ කවරවුව ස්වභාවයේ සියළුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර තිබේ.

    එම ගැසට් නිවේදනය පහතින්,

    Gasat 900px 21 03 06

    Gasat2 900px 21 03 06

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 11:51

    Latest News