අත්‍යවශ්‍ය සේවා කිහිපයක ගැසට් නිවේදනයක්

සැප් 18, 2023

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදී.

    ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර තිබෙනවා.

    විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා හා ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. මීට අමතරව, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර ලබාදීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය සේවා ලෙසයි සැලකෙන්නේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්වලට අවහිරයක් හෝ බාධාවන් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    Latest News