නිරෝධායන නීති කැඩූ 947ක් අත්අඩංගුවට

ජූනි 03, 2021

    නිරෝධායන නීති කඩකිරිම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 කාලය තුල පුද්ගලයන් 947ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා දුරස්ථභාවය තබා නොගැනීම යන කරුණු මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 21087ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට 19000 කට නඩු පවරා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News