නිරෝධායන නීති කඩ කළ 1,038ක් අත්අඩංගුවට

ජූනි 02, 2021

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංගණය කළ 1,038ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    කොළඹ නගරයට පැමිණෙන වාහන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එහි දිනකට වලංගු ස්ටිකර් ඇලවීමට ද පොලිසිය අද සිට පියවර ගෙන තිබේ. ස්ටිකර් ඇලවීම ක්‍රියාවට නංවනු ලැබ ඇත්තේ අත්‍යවශ්‍ය නොවන රථ වාහන කොළඹට ඇතුළුවීම වැළැක්වීම විධිමත් කිරීමේ වැඩපිලිවෙලක් ලෙසයි.

    මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසල මාර්ග බාධකය අද පරීක්‍ෂාවට ලක් කළේය.

    Latest News